Home Hit ”ඡන්දයක්‌ ගැන ස්‌ථිරව මුකුත්ම කියන්න බෑ” – මැතිවරණ කොමසාරිස්

”ඡන්දයක්‌ ගැන ස්‌ථිරව මුකුත්ම කියන්න බෑ” – මැතිවරණ කොමසාරිස්

268
0

දැන් උදා වී තිබෙන තත්ත්වය අනුව ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද පිළිබඳව කිසිදු තොරතුරක්‌ ස්‌ථිර වශයෙන්ම අනාවරණය කිරීමට නොහැකි වී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (02) සඳහන් කර සිටියා.

ඡන්ද පිළිබඳව දවසින් දවස එක එක ආකාරයට තොරතුරු ලැබුණත් අහවල් ඡන්දය අහවල් දිනයට පැවැත්වීමට දින නියම කරගෙන තිබෙන බවට මේ වනතුරුත් අනාවරණය කිරීමට නොහැකි වී ඇතැයි කී මහින්ද දේශප්‍රිය මහතා ඡන්දයක්‌ පිළිබඳව නිල තොරතුරක්‌ ලැබෙන තෙක්‌ බලා සිටින බව ද පැවසුවා.

කෙසේ වෙතත් ඉදිරි දින කීපය ඇතුළත ඡන්දයක්‌ පිළිබඳව අලුත් තොරතුරක්‌ ලැබිය හැකි බවයි හෙතෙම සඳහන් කළේ.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here