Home Local ”කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය වහන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක

”කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය වහන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක

278
0

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනයේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා එම විද්‍යායතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව එහි සිසූන් පවසනවා.

එම විද්‍යායතනයේ සිසුන් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර පැවැති හමුවකදීයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මෙම හමුව ඊයේ (02) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිවසේදී පැවැත්වුණා.

දැනට සිසුන් 660ක් පමණ වයඹ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යාපනය ලබන අතර මෙහිදි අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ රැකියා විරහිතභාවයට ඉතා ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් වන මෙම විද්‍යායතනය වසා දැමීම නොව රටපුරා ව්‍යාප්ත කිරීම යුගයේ අවශ්‍යතාවය බවයි.

ඉදිරියේ පත්වන තම රජයකින් මේ පිළිබඳව වඩා අවධානය යොමුකරන බව ද ඔහු සඳහන් කර සිටියා.

යේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා එම විද්‍යායතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව එහි සිසූන් පවසනවා.

එම විද්‍යායතනයේ සිසුන් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර පැවැති හමුවකදීයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මෙම හමුව ඊයේ (02) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිවසේදී පැවැත්වුණා.

දැනට සිසුන් 660ක් පමණ වයඹ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යාපනය ලබන අතර මෙහිදි අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ රැකියා විරහිතභාවයට ඉතා ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් වන මෙම විද්‍යායතනය වසා දැමීම නොව රටපුරා ව්‍යාප්ත කිරීම යුගයේ අවශ්‍යතාවය බවයි.

ඉදිරියේ පත්වන තම රජයකින් මේ පිළිබඳව වඩා අවධානය යොමුකරන බව ද ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here