Home Hit Youtube ජාත්‍යන්තරේ ජයගත් ලංකාවේ සිගිති දියණිය

Youtube ජාත්‍යන්තරේ ජයගත් ලංකාවේ සිගිති දියණිය

676
0

මේ youtube නම Village Life. චැනල් එකේ main character එකම චූටි දුවෙක්. කැමරාකරනය කරන්නෙ අම්මයි තාත්තයි. චැනල් එකේ පෙන්නන්නෙ ලංකාවේ ගමේ කෑම හදාගන්න විදිය. කෑම හදන්නෙ මේ සූටි කෙල්ලගෙ අත්තම්මල දෙන්න. කෑම හදල අවසානයේදී මේ ලමය ඒව රස කර කර කන හැටි පෙන්නනව. ලඟදි මේ චැනල් එකට youtube subcribers 1 million පහු කරපු නිසා Gold Play Button එක හම්බවෙලා.

In detail comparison එකක් එක්ක කතා කරොත් මේ චැනල් එක සුවිශේශී එකක්. ලංකාවේ 1 million subscribers සීමාව පහු කරපු youtube channels තියෙන්නෙ කීපයක් විතරයි.

1. TV derana – 1.3 million
2. Sri Lanka Cricket – 1.2 million

පේන විදියට මේ සූටි කෙල්ලගෙ චැනල් එක තමා තුන්වෙනි ස්තානයේ තියෙන්නෙ. දැනට subscribers 1.1 million.

Sri Lanka Cricket youtube channel එක පටන් අරගෙන තියෙන්නෙ දැනට අවුරුදු 6කට කලින්. චැනල් එකේ වීඩියෝස් 1152ක් දාල තියෙනව. 1million views සීමාව පහු කරපු වීඩියෝස් තියෙන්නෙ 30යි

TV Derana youtube channel එක පටන් අරගෙන තියෙන්නෙ දැනට අවුරුදු 7කට කලින්. චැනල් එකේ වීඩියෝස් 14,137ක් තියෙනව. 1 million views සීමාව පහු කරපු වීඩියෝස් තියෙන්නෙ 36යි. වැඩිම වීව්ස් ලැබුනු වීඩියෝව 7.6 million views.

මේ සිගිති දියණිය ගෙ Village Life channel එක පටං අරගෙන දැනට අවුරුදු 2යි. චැනල් එකේ මුලු වීඩියෝස් ගනන 232යි. 1 million views සීමාව පහු කරපු වීඩියෝස් තියෙනව 39ක්. වැඩිම views ලැබුනු වීඩියෝව 10 million views !!

අනුමාන කරන්න පුලුවන් මේ වීඩියෝස් වැඩිපුරම බලල තියෙන්නෙ විදේශ රටවල ප්‍රේක්ශකයො. ඒ කියන්නෙ මේ ඔස්සේ උපයන්නෙ විදේශ විනිමය…

කැමති කෙනෙක් චැනල් එකට ගිහින් බලන්න..subscribe කරන්න. මෙන්න ලින්ක් එක. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here