Home Hit හිමිකරුවෙක් නැති කෝටියක කේරල ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

හිමිකරුවෙක් නැති කෝටියක කේරල ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

253
0

යාපනය,මාදගල් වෙරළ තීරයේ තිබි කේරළ ගංජා කිලෝග්රැම් 112 ක් නාවික හමුදාව විසින් සොයාගෙන පොලිසිය වෙත ඊයේ(31) භාරදුන් බව යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි.

‍පොලිසිය පැවසුවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීමට සඟවා තිබු කේරළ ගංජා තොගයක් මාදගත් වෙරළ තීරයේ තිබි සොයාගෙන ඇති බවයි.

සැකකරුවන් ඉටිකොළවලින් ආවරණය කොට ගෙන කේරළ ගංජා තොගයක් එලෙස සොයාගෙන ඇති අතර, සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වන බවද පොලිසිය පැවසීය.

සොයාගත් ගංජා තොගය යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

වවුනියාව – මාධව කුලසූරිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here