Home Local පූජිත් සහ හේමසිරි ප්‍රනාන්දු අදත් කොළඹ මහාධිකරණයට

පූජිත් සහ හේමසිරි ප්‍රනාන්දු අදත් කොළඹ මහාධිකරණයට

437
0
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වසන් කිරිමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (01) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීම හේතුවෙන්.

ඒ අනුව අද පෙරවරු 09.30ට පමණ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් මහාධිකරණයට පැමිණි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

නීතිපතිවරයා විසින් ගොණුකර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම පසුගිය මස 23 වනදා කැඳවූ අවස්ථාවේ කරුණු තහවුරු කිරිම සදහා එය අද දිනයේ කැඳවීමට මහාධිකරණය තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here