Home Local දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

222
0

නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම, නුවරඑළිය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් සිහින් වැසි ඇති විය හැකියි. 

මේ අතර, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 45ක්, 50ත් අතර පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here