Home Hit ලංකා බැංකුවෙන් ගත්ත ණයකින් මං ගෙයක් හැදුවා – ජනපති

ලංකා බැංකුවෙන් ගත්ත ණයකින් මං ගෙයක් හැදුවා – ජනපති

295
0

රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ලංකා බැංකුවට වසර අසූවක් සපිරීම නිමිත්තෙන් ඊයේ(30) කොළඹ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලංකා බැංකුවේ 80වන සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විය.

සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද එළිදැක් විය.

තමාට ගෙයක් නොමැතිව, කුලී ගෙවල්වල සිටින කාලයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටිය දී තමාට ලබා දුන් ණය මුදල මඟින් තමාට කියා නිවසක් සාදා ගත් බව ද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

ලංකා බැංකුව එක් පැත්තකින් ආණ්ඩුව ජීවත් කරවන අතර, අනෙක් අතින්  රාජ්‍ය සංස්ථා ජීවත් කරවන බව ද සඳහන් කළේය.

ලංකා බැංකුව මෙන්ම රාජ්‍ය බැංකු රැක ගැනීම පිළිබඳව පෞද්ගලීකරණය නොවිය යුතුයි යන්න ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට එක්වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මොකද්ද මේ ආණ්ඩුව කළේ කියලා ඇතැමුන් ප්‍රශ්න කරන බවයි.

අද වන විට ලංකා බැංකුවේ ඇති තැන්පත් මුදල් 2015 සාපේක්ෂව වැඩි වි ඇති බවත් පැවසු අගමැතිවරයා කඩා වැටුණ ආර්ථික තිබේනම් එවැන්නක් සිදුවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

සංස්ථා 3 හා 4 ක පවතින අධික ණය හේතුවෙන් බැංකුවේ සියයට 15 ක් පමණ ප්‍රමාණයක් සංස්ථා 2 ක තුනක සිරවී ඇතැයි ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එය විසඳා ගැනීම ඊළඟ වසර 2 -3 ඇතුළත සිදු කල යුතු බවත් පැවසු අගමැතිවරයා, මේ වන විට ප්‍රථම වතාවට ජපානයේ බැඳුම්කර වෙළඳපොළට ගොස් ඒවා මිලදී ගන්න මේ වන විටත් සාකච්ඡා කර තිබෙන බව ද  පැවසීය.

-Ada Derana-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here