Home Hit නැදුන්ගමුවේ රාජා හදිසියේම රෝගී වෙයි.

නැදුන්ගමුවේ රාජා හදිසියේම රෝගී වෙයි.

764
0

ශ්‍රී ලාංකීකයින්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා හදිසියේම රෝගී වී ඇතැයි වාර්තා වනවා. එම නිසා මෙවර දළඳා මාලිගාවේ වාර්ශික ඇසළ පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩමවීම සදහාද රාජා හස්තියා සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මෙවර දළඳා කරඬුව වැඩම කරවීම සඳහා කතරගම වාසනා ඇතා සහ දළඳා මාලිගාවේ ඉන්දිරාජා ඇතා යොදා ගැනීමට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

වාසනා ඇතා සහ ඉන්දිරාජා ඇතා පෙර වසරවල නැදුන්ගමුවේ රාජා හස්තියාගේ පරිවාර ඇතුන් (දෑල ) ලෙස යොදා ගැණුනා. මෙවර දෑල ඇතුන් ලෙස දළඳා මාලිගාවේ සිංහරාජා හස්තියා සහ මියන්මාරයෙන් ගෙන ආ ඇතෙකු යොදා ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here