Home Hit ”ප්‍රේමදාස යුගයක් ආවොත් ආයෙත් ටයර් සෑයවල් තමයි” – විපක්ෂ නායක (VIDEO)

”ප්‍රේමදාස යුගයක් ආවොත් ආයෙත් ටයර් සෑයවල් තමයි” – විපක්ෂ නායක (VIDEO)

421
0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රටට හිතැති විනයක් ඇති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව විපක්ෂ නායකවරයා මුල්කිරිගල ආසන බලමණ්ඩල රැස්වීමේදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ, ”අද බොරුවට පටන් අරගෙන තියෙනවා මඩ ගහන්න සුදු වෑන්, සුදු වෑන් කියලා. කවුද මේ සුදු වෑන් අඳුන්නලා දුන්නේ. 89, 90 මතකද? සුදු වෑනුත් නෑ ඒ කාලේ. අහුවෙන වෑන් එකකින් අරන් යනවා. ප්‍රේමදාස යුගයකට ගියොත් සුදුවෑන් නෙවෙයි ටයර් සෑය සංස්කෘතියක් ඇති වෙනවා. කවුරුහරි කියනවා නම් මං බලයට අවම ප්‍රේමදාස යුගය නැවත ක්‍රියාත්මක කරනවා කියලා අපිට මතක් වෙන්නේ මෙන්න මේවා.” යනුවෙන් සඳහන් කර සිටියා.

එම වීඩියෝව පහතින්.

මීලඟ ජනාධිපතිවරණයට විනයක් ඇති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා – මහින්ද

මීලඟ ජනාධිපතිවරණයට විනයක් ඇති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා – මහින්ද

Posted by Ada Derana Sinhala on Monday, July 29, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here