Home Local කාති උසාවි මඟින් අවුරුදු 15ක දැරියක් අපයෝජනය කළ තැනැත්තාටම විවාහ කර දෙයි...

කාති උසාවි මඟින් අවුරුදු 15ක දැරියක් අපයෝජනය කළ තැනැත්තාටම විවාහ කර දෙයි – VIDEO

367
0

කාති උසාවි මඟින් මුස්ලිම් කාන්තාවන්ට දැඩිව අසාධාරණකම් සිදුවන බවට මුස්ලිම් කාන්තාවන් කිහිපදෙනෙකුම පසුගිය දිනවල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු හෙළිකරනු ලැබුවා.

ඊයේ (29) දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි තවත් මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු අනාවරණ කර සිටියේ කාති උසාවිවල නඩු විමසීමේදී කාන්තාවන්ට නින්දා සහගත අයුරින් සළකන බවයි.

මුස්ලිම් විවාහ කටයුතුවලට අදාළව නීතිය ක්‍රියාත්මක කරන කාති උසාවියෙන් සහ ප්‍රදේශයේ පල්ලියෙන් තමාට අසාධාරණකම් සිදුවූ බවට චෝදනා කරමින් පළමුවෙන්ම මාධ්‍ය හමුවේ කරුණු අනාවරණ කළේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක්.

ඉන් අනතුරුව මාලිගාවත්ත සහ ඌව පරණගම බෝවෙල ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු සිය දික්කසාද නඩු කටයුකුවලදී කාති උසාවිය අසාධාරණ අයුරින් ක්‍රියා කළ බවට චෝදනා කරනු ලැබුවා.

එසේම 15 හැවිරිදි තම දියණියව ඇයව අපයෝජනය කළ පුද්ගලයාටම විවාහ කර දීමට කාති උසාවිය කටයුතු කළ බවටත් මහනුවර පුද්ගලයෙකු මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියා.

මෙවන් වාතාවරණයක කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් කතුන් දෙදෙනෙකු දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ තවත් එවැනිම අවනඩුවක් පිළිබඳව කරුණු අනාවරණය කිරීමටයි.

ඔවුන් කියා සිටියේ කාති උසාවි කාන්තාවන්ට එරෙහිව නින්දා සහගත අයුරින් ක්‍රියා කරන බවයි.

උපුටා ගැනීම – අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here