Home Local අධිවේගයේ එන කාර්යාලීය බස් කොට්ටාවේදී හදිසි පරික්ෂාවට

අධිවේගයේ එන කාර්යාලීය බස් කොට්ටාවේදී හදිසි පරික්ෂාවට

318
0

අධිවේගී මාර්ගයේ ධාවනය වන කාර්යාලීය බස්රථ හදිසි පරීක්ෂාවකට ලක්කළ ජාතික ගමනාගමන කොමිසම හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය හා පොලිසිය, මහමඟ සිටි මගී ජනතාව පටවාගෙන පැමිණි කාර්යාලයීය බස්රථ 06ක් එම රියැදුරන් ද සමගින් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න සඳහන් කර සිටියා.

මෙම බස් මෙහෙයුම පසුගිය 27 වැනිදා උදේ 6.00 සිට 8.00 දක්වා කාලයේ දී කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම අභියස දී සිදුකළ බවත්, එහිදී කාර්යාලයීය බස්රථ 30ක් පරීක්ෂාවට ලක්කළ බවයි හෙතෙම කියා සිටියේ.

දිනපතා අධිවේගී මාර්ගයේ ධාවනය වන කාර්යාලයීය බස්රථවලට පෞද්ගලික මගී බස් රථවල ගමන්ගන්නා මගීන් නංවාගන්නා බවට ලද පැමිණිලි ගණනාවක් සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කළ බව සඳහන්.

අදාළ වරද සිදුකළ කාර්යාලයීය බස්රථ රියැදුරන් සියලූ‍ දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න, ජංගම පරීක්ෂණ නිලධාරීහු ද, පොලිස් නිලධාරීහු ද මෙම ⁣බස් රථ මෙහෙයුම සඳහා සහභාගී වී තිබෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here