Home Hit ඉරානයට තේ යවන්න ලංකාවට අමෙරිකාවෙන් අනුමැතිය

ඉරානයට තේ යවන්න ලංකාවට අමෙරිකාවෙන් අනුමැතිය

685
0

ඉරානයට තේ අපනයන සඳහා ශ‍්‍රී ලංකාවට අමෙරිකාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව මසකට ඩොලර් මිලියන 05ක් වටිනා තේ තොග ඉරානයට අපනයන කරනු ඇති.

ඉරානයට අමෙරිකාව පනවා ඇති සම්බාධක නිසා තේ අපනයනයට බාධා එල්ල වූ අතර, ඒ සම්බන්ධව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක හා අමෙරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිප්ස් අතර පැවති සාකච්ජාවලින් අනතුරුව යළිත් තේ අපනයන සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

නව ක්‍රමය යටතේ අගෝස්තු මස අවසානයට පෙර ශ්‍රී ලංකාවට ලංකාවේ තේ ඉරානයට අපනයනය කිරීම ආරම්භ කළ හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ශ‍්‍රී ලංකාව නිපදවන තේවලින් 10% ක් ඉරානයට අපනයන කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here