Home Hit ”අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ” – විපක්ෂ නායක

”අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ” – විපක්ෂ නායක

269
0

“අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ. මේ ආණ්ඩුව බලයට පත් වුණාම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ කුණු ආණ්ඩුවක් ආවම කුණු ගේන එක සාමාන්‍ය දෙයක්. ඒක අමුතු දෙයක් නෙමෙයි” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

හම්බන්තොට ඉදිකෙරුණු නව දිස්ත්‍රික් රෝහලේ පසුගිය (27) රාත්‍රියේ පැවති පිරිත් පිංකමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියා.

“මේ ආණ්ඩුවේ අය අද වෙච්ච වැරදි වහගන්න හිටපු ආණ්ඩුවලට දොස් කියනවා. මේ අය කියන්නේ අපේ ආණ්ඩුකාලේ ගැසට් එකකින් මේ රටට කුණු ගේන්න අවසර දුන්නා කියලයි. මේක පට්ටපල් බොරු කතාවක්. අපේ කාලේ ගැසට් එකකින් මේක මේක වෙලා තියෙන්නේ කිව්වට අපේ කාලේ කිසිදු ගැටලුවක් වුණේ නෑ.

අනික තමයි අපේ කාලේ ගේන සැම දෙයක් පිළිබඳවම හොදට පරීක්ෂා කරලා බලලා නියාමනයක් ඇතිවයි සියලු දේ එළියට දැම්මේ. ඉතින් ඒ නිසා ඒ කාලේ කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. දැන් මේ ආණ්ඩුව ආවම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මේ අය ගෙනල්ලා අපිට ඇඟිල්ල දිගු කරලා හරියන්නේ නෑ.” යනුවෙන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here