Home Hit මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ මාරක අනතුරින් තිදෙනෙක් මරුට

මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ මාරක අනතුරින් තිදෙනෙක් මරුට

339
0

මැදවච්චිය – අනුරාධපුරය මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේ සිදවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

අනතුර සිදුවුණේ ඊයේ (28) රාත්‍රියේදීයි.

යාපනය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් හා දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් අනුරාධපුරය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර දැරියන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙක් ද සිටින බව ද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථයේ රියදුරු පළාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here