Home Hit ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන්ට අද සහ හෙට යළි ඇමැති ධුර

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන්ට අද සහ හෙට යළි ඇමැති ධුර

248
0

සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් 07 දෙනාම අද (29) හා හෙට (30) යළි එම ඇමැති ධුරවලම දිවුරුම් දෙන බව හිටපු ඇමැති ෆයිසාල් කාසිම් පවසනවා.

මේ පිළිබඳව මුස්ලිම් මැති ඇමැතිවරුන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර ඊයේ (28) පැවැති සාකච්ජා සාර්ථක වූ බවද හෙතෙම කියා සිටියා.

පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව කුරුණෑගල, ගම්පහ හා පුත්තලම දිස්ත‍්‍රික්කවල මුස්ලිම් නිවාස, වෙළෙඳසල් හා පල්ලිවලට සිදුවූ හානිවලට මෙතෙක් වන්දි ගෙවීමක් සිදු නොවූ බවත් කඩිනමින් අදාළ වන්දි ගෙවීම් අවසන් කිරීමට අගමැතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බවත් හිටපු අමාත්‍ය කාසිම් පවසනවා.

එමෙන්ම කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳව ඇතිවූ අර්බුදය ද අවසන් වෙමින් පවතින බවත් අද දින ස්වදේශ කටයුතු ඇමැතිවරයා සමග තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වෙන බවත් හෙතෙම සඳහන් කර සිටියා.

මෙම සාකච්ජා වලින් පසුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී යළි ඇමැතිධුර භාර ගැනීම පිළිබඳ තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අනුව රාවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් කලින් දැරූ කැබිනට් ඇමැතිධුරවල දිවුරුම් දීමට නියමිත අතර ඉල්ලා අස්වූ සෙසු රාජ්‍ය ඇමැතිවරු 04 දෙනා හා නියෝජ්‍ය ඇමැතිවරයා ද කලින් දැරූ තනතුරුවලම දිවුරුම් දීමට නියමිතයි.

රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here