Home Hit ලිපි ලක්‍ෂ 25ක්‌ තැපෑලේ සිරවෙයි – වගකීම ආණ්‌ඩුවට

ලිපි ලක්‍ෂ 25ක්‌ තැපෑලේ සිරවෙයි – වගකීම ආණ්‌ඩුවට

271
0

වැඩවර්ජන හේතුවෙන් ගොඩගැසුණු ලිපි සහ පාර්සල් ලක්‍ෂ 25ක්‌ බෙදාහැරීමට නොහැකිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය ඇතුළු ප්‍රධාන තැපැල් කාර්යාල රැසක ගොඩගැසී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ සඳහන් කර සිටියා.

මෙම ලිපි අතර ව්‍යාපාරික ලිපි ලක්‍ෂ 10ක්‌, සාමාන්‍ය ලිපි ලක්‍ෂ 10ක්‌ ලියාපදිංචි ලිපි ලක්‍ෂ 03ක්‌ සහ පාර්සල් විශාල ප්‍රමාණයක්‌ තිබෙන බවයි වාර්තා වන්නේ.

තැපැල් වෘත්තීය සමිති තැපැල් සේවක අයිතිවාසිකම් දිනාගැනීම ක්‍රියාත්මක කළ පැය 48 ක සහ පැය 24 ක වැඩ වර්ජනවලින් පසුව ගොඩගැසුණු ලිපි සහ පාර්සල් බෙදාහැරීමට විධිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අසමත් වීම නිසා මේ අවාසනාවන්ත තත්ත්වය උද්ගතව ඇති බව සඳහන්.

මේ පිළිබඳව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාරගෙන් විමසූ විට ඒ ඔහු පැවසුවේ තැපැල් හෝ තැපැල් සේවකයන් රැක ගැනීමට වැඩපිළිවෙළක්‌ රජයට නොමැති බවයි.

තැපෑල තුළ ලිපි ගොඩගැසීමේ වගකීම ආණ්‌ඩුව භාරගත යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

ප්‍රියදර්ශන ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here