Home Hit ”පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයට කැඳවීමක් ලැබුණේ නැහැ” – නියෝජ්‍ය පොලිස්පති...

”පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයට කැඳවීමක් ලැබුණේ නැහැ” – නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ්

240
0

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප‍්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙසට තමන්ට කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (25) සාක්ෂි ලාබාදෙමින්.

නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 23 වනදා ආරක්ෂක කවුන්සිලයට සහභාගී වන ලෙස තමන්ට කැඳවීමක් ලැබුණු බව ද හෙතෙම සඳහන් කර සිටියා.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීමේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාගේ ලිපියේ එක් ඇමුණුමක් පමණක් තමාට ද ලැබුණු බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here