Home Hit වීරකැටිය පොලිස් මාර්ග බාධකයේදී ඩිෆෙන්ඩරයකින් පිස්තෝලයක් අල්ලයි – රථය පලායයි

වීරකැටිය පොලිස් මාර්ග බාධකයේදී ඩිෆෙන්ඩරයකින් පිස්තෝලයක් අල්ලයි – රථය පලායයි

463
0

වීරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී සිදුකළ පරීක්ෂාවක් අතරතුරදී ඩිෆෙන්ඩර් රථයක තිබී ජීව පතුරොම් සහිත විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

තංගල්ල කොට්ඨාස විශේෂ විහිදුම් බල ඒකකයේ නිලධාරීන් වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේදී ඊයේ (25) පස්වරු 4.45ට පමණ සිදුකළ රථවාහන පරීක්ෂාවකදී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් පරීක්ෂා කර තිබේ.

එම රථයේ ඉදිරිපස සඟවා තිබූ ජීව පතුරොම් 02ක් සහිත මැගසිනයක් යෙදූ විදෙස් රටක නිශ්පාදිත පිස්තෝලයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගත් අතර ගිනි අවිය පොලිස් අත්අඩංගුවට ගත් විට ඩිෆෙන්ඩර් රථය පලා ගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පලා ගිය ඩිෆෙන්ඩර් රථය කළු පැහැ රථයක් බව ද සඳහන්.

පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඉකුත් 23 වනදා බෙලිඅත්ත හත්බෝධිය හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මෙය වන බවට පොලිසිය සැක පළ කරනවා.

පොලිස් මාර්ග බාධකයේදී පලා ගිය ඩිෆෙන්ඩර් රථය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි සඳහන්.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here