Home Environment ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්

ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්

721
0

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ විසින් මෙරටට ප්‍රංශයෙනුත් කුණු කන්ටේනර් 150ක් ඒවා ඇති බව ප්‍රකාශ කරයි .
මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ප්‍රංශයේ මුලස්ථානය පිහිටි DAT-Arbantis සමාගමත් ලංකාවට කසළ එවූ බවට සාක්ෂි ඇති බවත් ඒ පිළිබදව වහා පරීක්ෂණයක් කලයුතුයි බවත්ය .

ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති DAT-Arbantis සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන Chris O’Donnell 2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයක් ඔහු උපුටා දක්වමින් පවසන්නේ එම ඊමේල් ලිපියේ සදහන් වන්නේ මෙරටට යකඩ මෙට්ට සහිත කන්ටේනර්යක් එන බවයි .
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු නිවේදනයේ සදහන් කරන්නේ
“ඊට පෙර එම ව්‍යපාරිකයා සමග විද්‍යුත් පනිවිඩ හුවමාරැවෙදී සදහන් කරන්නේ ඩොලර් 1400 ක් එක් කන්ටේනරයක් සදහා සිය සමාගමට ගෙවිය හැකි බවයි. එහෙත් මෙරට ව්‍යාපාරිකයා පවසන්නේ මෙරටට කසල ගෙන ඒම නීතිවිරෝධී බවයි. වෙනත් යෝජනාවක් තමන්ට කළ හැකි බව පවසන දේශීය ව්‍යාපාරිකයා ඒ සදහා එක් මෙට්ටයක් සදහා ඩොලර් 45 ක මුදලක් අවශ්‍ය බව කියයි.

පසුව ප්‍රංශ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම මුදල වැඩි බැවින් ලංකාවේ වෙනත් සමාගමකට අදාල කසල ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම විද්‍යුත්පනිවිඩ දෙස බැලීමේදී පෙනීයන්නේ මෙරටට ප්‍රංශයෙන් කසල කන්ටේනර් 150 ක් පැමිණ ඇති බවයි.” ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here