Home Hit ත්‍රිරෝද රථයක් කොල්ලකෑමට පැමිණි ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක් කොල්ලකෑමට පැමිණි ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට

593
0

පිස්තෝල ගිනි අවියක සමග ඩිෆෙන්ඩර් රථයක් අත්ඩංගුවට ගත් බවත් එම ඩිෆෙන්ඩර් රථය ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිදුවීමකට සම්බන්ධ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

අද පෙරවරුවේදී කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ඊයේ සවස 4.45ට පමණ වීරකැටිය පොලිස් වසමේ මිද්දෙණිය මාර්ගයේ යග්ගස්මුල්ල ප්‍රදේශයේදී පොලිස් යතුරුපැදි කණ්ඩායමක් කලු පැහැති ඩිෆෙන්ඩර් රථයක් නවතා පරික්ෂා කළා.

අංක SG PS 6252 දරණ ඩිෆේන්ඩර් රථයේ රියදුරු පමණක් ගමන් කළා. රථය වැඩිදුර පරීක්ෂා කිරීමේදී විදේශයක නිශ්පාදිත පිස්තෝල අවියක්, එම මැගසින් දෙකක් හා එම මැගසින් එකකට පුරවන ලද සජීව පතරොම් දෙකක් අත්අඩංගුවට ගත්තා.

රියදුරු ලෙස කටයුතු කළ තැනැත්තා සතුව තිබූ කහවත්ත පොලිස් ස්ථානයෙන් නිකුත් කර තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් පොලිස් භාරයට ගත්තා.

ඩිෆෙන්ඩර් රථය වැඩිදුර පරීක්ෂාවකට ලක්කිරීමේදී රියදුරු පළා යනවා. මේ පුද්ගලයා මීගස්ආර, ජුලම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක් වෙන අරුණ ප්‍රියන්ත කුමාර නැමැත්තෙක්.

සැකකරු ප්‍රදේශයෙන්ද පළාගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ශන පවත්වනවා.

පසුගිය 23දා බෙලිඅත්ත – වලස්මුල්ල මාර්ගයේදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක් කොල්ල කා පළා යනවා.  පළා යන අවස්ථාවේදී  ප්‍රදේශවාසීන් ත්‍රිරෝද රථය හඹාගොස් බෙලිඅත්ත නගරයේදී ත්‍රිරෝද රථය තම භාරයට ගෙන එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු බෙලිඅත්ත පොලීසියට භාර දෙනවා.

අනෙක් සැකකරුවන් ඩිෆෙන්ඩර් රථයෙන් පළා යනවා. ත්‍රිරෝද රථ කොල්ල කෑමට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරුණා. මේ ත්‍රිරෝද රථය කොල්ල කෑමට පැමිණි ඩිෆෙන්ඩර් රථය  ඊයේ දින වීරකැටිය පොලිස් වසමේදී පිස්තෝල අවිය සමග අත්ඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයම බවට සොයාගෙන තිබෙනවා.

ඒ වගේම කොල්ලකෑමට පැමිණි පුද්ලගලයන් හා පළාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here