Home Local වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද විභාගයට

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද විභාගයට

270
0

සිසේරියන් සැත්කම් කිරීමේදී සිංහල හා ද්‍රවිඩ ජාතික මවුවරුන්ට අනවසරයෙන් වඳ සැත්කම් කිරීම හා පැලෝපීය නාළ අවහිර කිරීම් සිදු කළැයි චෝදනා එල්ලවී ඇති නාරි රෝග වෛද්‍ය ෂාෆි සහබ්දීන් නමැත්තාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (25) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී කැඳවීමට නියමිතයි.

එම නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී පුරා මාස 02කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකාර ෂාෆි වෛද්‍යවරයා අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් විසින් ප‍්‍රථම වරට අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.

සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට ආධාර අනුබල දීමේ චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණත් සාක්‍ෂි විමර්ශනවල දී අනාවරණය නොමැති බැවින් ඔහු ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරුන් ඉල්ලීමක් කළ නමුත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කළ මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් සැකකාර වෛද්‍යවරයාව අද දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබුණා.

ඒ. ජේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here