Home Hit BREAKING NEWS : වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහරියි

BREAKING NEWS : වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහරියි

273
0

මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කරනු ලැබුවා.

ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 04ක් මත ඇප ලබාදීමටයි මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් ෂාෆි අද (25) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු උදෑසන බන්ධනාගාර බසයෙන් කුරුණෑගල බන්ධනාගාරය දක්වා රැගෙනවිත් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් මැද වෛද්‍යවරයා අධිකරණයට ගෙනවිත් තිබු අතර, අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණා.

වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here