Home Local තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්

267
0

තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජීවන වියදම් කමිටුවේ පෙරේදා (23) පැවැති රැස්වීමේ දී තිරිඟු පිටි සඳහා මිල සූත්‍රය සකස් කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊළඟ කමිටු රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිල ඉහළ යාමක දී තිරිඟු පිටි මිල වැඩිවන හා තිරිඟු ඇට මිල පහළ යාමකදී තිරිඟු පිටි මිල අඩු කිරීම මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.

තිරිඟු පිටි කිලෝවක පාලන මිල වශයෙන් නියම කර ඇති රුපියල් 87 මිල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here