Home Local මැලේරියා ඇලේ තිබී මැගසින් 03ක් සහ ජීව උණ්ඩ 30ක් හමුවෙයි

මැලේරියා ඇලේ තිබී මැගසින් 03ක් සහ ජීව උණ්ඩ 30ක් හමුවෙයි

216
0

පුත්තලම පොලීසිය ආසන්නයෙන්ම ගලා බසින මැලේරියා ඇලේ තිබී T – 56 ගිනි අවියට යොදන මැගසින් 03ක් සහ ජීව උණ්ඩ 30ක් හමුවී ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

25 වනදා පෙරවරුවේ පුත්තලම නගර සභාවේ සේවකයින්ට මෙම මැගසින් සහ ජීව උණ්ඩ හමුවී ඇති අතර පසුව ඔවුන් මේ බව පුත්තලම පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇතැයි සඳහන්.

නගර සභා සේවකයින් මැලේරියා ඇලේ ඇති කසල ඉවත් කිරීමට යාමේදී ඒවා ජීව උණ්ඩ හමුවී ඇති බව පොලීසිය පවසනවා.

මෙම මැලේරියා ඇලේම තිබී සක්‍රීය තත්ත්වයේ පසුවන T – 56 ගිනි අවි 02 ක් පසුගිය මැයි මස 04 වනදා සොයා ගන්නා ලදි.

එම කාලයේ ආරක්ෂක අංශ විසින් පුත්තලම නගරයේ නිවාස සෝදිසි කිරීමක්ද සිදුකර තිබෙනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here