Home Hit රාත්‍රී 08 සිට කොළඹ ප්‍රදේශ කීපයකට පැය 14ක ජල කප්පාදුවක්

රාත්‍රී 08 සිට කොළඹ ප්‍රදේශ කීපයකට පැය 14ක ජල කප්පාදුවක්

218
0

සම්ප්‍රේෂණ නල මාර්ගයක හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද (25) රාත්‍රි 8.00 සිට හෙට (26) පෙරවරු 10.00 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

මෙම බිඳවැටීම සිදුව ඇත්තේ කොලොන්නාව ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේයි.

මේ හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here