Home Hit යාපනය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

යාපනය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

351
0

යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) සවස ඇති වු ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසනවා.

සිසුන් පැවසූවේ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර වු ගැටුමකින් තුවාල ලැබු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එලෙස රෝහල්ගත කොට ඇති බවයි.

බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද සිංහල සිසුන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බව ද සිසුන් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක අංශයන්ගෙන් සිදුකළ විමසීමකදී ආරක්ෂක අංශ පැවසුවේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රෝහල්ගත කොට ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් නොලැබි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාවේ නිළධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ සිද්ධියක් වාර්තා වි ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here