Home Hit ”ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට යළි එම ඇමැති ධුර දෙන්න” – අගමැති ජනපතිගෙන්...

”ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට යළි එම ඇමැති ධුර දෙන්න” – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

258
0

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වය නිසා ඇමැති ධුර වලින් ඉල්ලා අස්වූ සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළිත් අදාළ අමාත්‍යධුර ලබා දෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වෙත අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් පෙරේදා (23) ලිපියක් මගින් යොමු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කර සිටියා.

මීට අමතරව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරට පශු සම්පත් විෂය පවරන ලෙස ද එමගින් ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කර සිටියා.

ඒ අනුව ඉල්ලා අස්වූ සියලූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් මීට පෙර දරන ලද අමාත්‍ය ධුරවල ඉතා ඉක්මනින් යළි දිවුරුම් දෙනු ඇතැයි ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

අකිත පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here