Home Hit යාපනයේ කිතුණු දේවස්ථානයක දේව පිළිම කඩා දමයි

යාපනයේ කිතුණු දේවස්ථානයක දේව පිළිම කඩා දමයි

420
0

යාපනය,කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි සුරුවමක් ඊයේ(23) කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසුවේ ‍යාපනය කොටුව ආසන්නයේ පිහිටි කුඩා දේවස්ථායක පැවති කිතුණු දේව ප්‍රතිමා කිහිපයක් එලෙස කඩා දමා ඇති බවයි.

අදාළ ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සොයා පරික්ෂණ මෙහෙයවන අතර,කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් දේව ප්‍රතිමා කඩා දමන්නට ඇති බව පොලිසිය සැක පළකරති.

මීට පෙර අවස්ථා කිහිපයකදීද යාපනය,වඩ්ඩු‍කොඩ්ඩෙයි හා මන්නාරම ප්‍රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here