Home Hit මම ඉන්න තරම මට ඇති-ජෝන්

මම ඉන්න තරම මට ඇති-ජෝන්

251
0

ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නම් කිහිපයක් යෝජනා වී ඇතැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා කරූ ජයසූරිය යන සියලු දෙනාගේ නම් ඒ අතර වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තවත් අය නවීන් දිසානායක මහතා හා දයා ගමගේ මහතාගේ නම්ද පවසන බව කියා සිටි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, ‘ඔබ තුමාගේ නම කියවෙන්නේ නැද්ද?“ යනුවෙනි.

තමාගේ නම කියවෙන්න අවශ්‍ය නැති බව සඳහන් කර සිටි අමාත්‍යවරයා, තමා ඉන්න තරම ඇති බව ද පැවසීය.

දේශපාලඥයින් එක එක අවස්ථාව අනුව නොයෙක් දේ පවසන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here