Home Hit ජවිපෙනුත් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්

ජවිපෙනුත් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්

263
0

නව දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන රැසක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

පසුගිය ජනාධිපතිවරණයන්හිදි ජයග්‍රාහනය තීරණය වුයේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බැවින් මෙවර කිසිදු පක්ෂයකට ජයග්‍රාහනය කිරීමට නොහැකි වන බවද ඒ මහතා අවධාරණය කළේය.

නීතියානුකුල ලෙස ජනාධිපතිවරයෙන් පත් කිරීමට සියයට 5ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here