Home Hit චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලය ඉවතට ?

චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලය ඉවතට ?

390
0

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දැනුම්දීමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලයට සිය ධූරවලින් ඉල්ලා අස්වන බව දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ(23) පැවසීය.

තවද මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අදහස් සහ යෝජනා අනුව සකස් කළ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඊයේ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පියවරක් නොගතහොත් ඒ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තමා සොයා බැලු බවයි.

පුහුණුකරු සමඟ කථා කරන්න තමාට අයිතියක් නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, අස්කර වෙනත් අයෙක් ගේනන කියනවාට වඩා නැවත වතාවක් අදාළ කෙනාට එය නිසි ලෙස සිදු කිරීමට ඉඩ දීම බව ද පැවසීය.

ලබා දෙන පඩියට නිසි ප්‍රතිඵලයක් තිබිය යුතු බවත් පැවසු අමාත්‍යවරයා, ක්‍රිකට් පරිපාලක මණ්ඩලය විශාල වශයෙන් පඩි අඩු කර ක්‍රීඩකයින්ට ගෙනවන බව ද එය ගෙවන්නෙත් තරග ජයග්‍රහණයකින් පමණක් බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here