Home Local අවුරැදු පහලවක් තිස්සේ ගම්මාන දෙකක තුන්සීයකට අධික පිරිසකට නොමිලේ ජලය ලබාදෙන කාන්තාවක්

අවුරැදු පහලවක් තිස්සේ ගම්මාන දෙකක තුන්සීයකට අධික පිරිසකට නොමිලේ ජලය ලබාදෙන කාන්තාවක්

253
0

වසර පහළවක් තිස්සේ ගම්මාන තුනක තුනිසීයකට අධික පිරිසකට නොමිලේ ජලය ලබදෙන පවුලක් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලිහිණිපිටිය ප්‍රදේශයෙන් හමුවිය.

සැතපුම් තුන හතරක සිට ත්‍රි රෝද රථවලින් හා පාගමනින් පැමිණෙන පිරිස් සදහා කිසිදු පැකිලීමකින් තොරව ඇති තරම් ජලය ලබාදෙන ඇය නමින් සුජානි දීපිකා රණසිංහය. (40)

කිසිදු මුදලක් අය නොකර සිදුකරනු ලබන මේ සමාජ සද්කාර් යය සම්බන්ධයෙන් අදහස් දැක්වු සුජානි මහත්මිය කියා සිටියේ ජලය නොමැතිව අකරහඩුව හා ලිහිණි පිටිය ගම්මාව වල ජනතාව දැඩු අපහසුතාවට පත්ව ඇති බවයි.

වසර ගනනක් තිස්සේ දිනකට ලීටර් හාරදහසක් පමණ සිය වියදමින් මෝටර් කර ලබා දෙන ඇය ඇතුළු පවුලේ සැම පායන කාලවල දි සිය ජලය නෑමට පවා නොගෙන බෝවතැන්න ජලාශයෙන් එම අවශ්‍යතා සපුරාන්නා බව කියා සුජානි මහත්මිය කියා සිටියාය.

ගම්මාන කිහිපයක ජිවත්වන සිය ජනතාව වෙනුවෙන් නොකඩවා වසර පහලවක් තිස්සේ ජලය ලබාදෙන්නේ හද පිරි සතුටින් බවත් එය මහත් වු කුසලකර් මයක් බවත් ඇය කියා සිටියාය.

දිනකට ප්ලාස්ටික් කෑන්,කල මෙන්ම කුඩා ප්‍රමාණයේ ජල බදුන්ද සහිතව සුජානිගේ නිවස ආසන්නයේ රැදි සිටින බොහෝ පිරිසක් කීයා සිටියේ සුජානි ඇතුළු පවුලේ සැම බෝසත් පාරමිතාවක් පුරන තරමේ කුසලයක් දිනපතා සිදුකරගන්නා බවයි.

සුජානි දීපිකා රණසිංහ මහත්මිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here