Home Hit ”කැමති නම් වැඩ කරන්නම්, නැත්නම් ගෙදර යන්නම්” – අමාත්‍ය සජිත් ප්‍රේමදාස (VIDEO)

”කැමති නම් වැඩ කරන්නම්, නැත්නම් ගෙදර යන්නම්” – අමාත්‍ය සජිත් ප්‍රේමදාස (VIDEO)

329
0

මේ රටේ හැම පොඩි මනුස්සයාටම සහන සැළසෙන නව ක්‍රමවේදයක් දියත් කරන්නට ඔබලා කැමති නම් තමා ද සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඩී. එම්. ආරියදාසගම ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”මේ රටේ හැම පොඩි මනුස්සයාටම සහන සැළසෙන නව ක්‍රමවේදයක් සකස් කරන්නට මම ලෑස්තියි. හැබැයි ඔබලා කැමති නම් විතරයි. කැමති නම් වැඩේ කරන්නම්. අකමැති නම් ගෙදර යන්නම්. ඒ දෙකටම මම ලෑස්තියි. ඒ දෙකටම මම ඔට්ටුයි. මෙහෙම කියනකොට සමහරු කියනවා සජිත්ගේ කටේ තියන එකම වචනය සහනය ලු.

සමහර රටේ ප්‍රභූ පැලැන්තිය රටේ මහජන දේපළ අමු අමුවේ කොල්ල කනකොට, රටේ මහජන සම්පත මහා දවාලේ හොරකම් කරනකොට, රුපියල් ගිණුම් නෙවේ ඩොලර් ගිණුම් නිර්මාණය වෙනකොට පොඩි මිනිහටත් සළකන වැඩසටහනක් නිර්මාණය වෙන්න ඕන නේද.

රාජ්‍ය පාලනය දේශපාලනය කියන්නේ පත්වෙන කණ්ඩායම රට කාබාසිනියා කිරීම නොවෙයිනේ. ඒ නිසා සමහරෙකුට සහනය කිව්වම තිත්තයි. පොදුජන සහනය තවත් තිත්තයි. හැබැයි තමන්ට සහනය, පවුල් සංස්ථාවට සහනය කිව්වම කටට කෙළ උනනවා.

අපිට කතිර ගහලා රාජ්‍ය පාලනයකට අපිව ඇතුළු කළේ අපිට සහන ලබාගන්න නෙවේනේ. අපිට බෙදාගන්න නෙවේනේ. අපිව ජනතාව පත්කර ගත්තේ පරාර්ථකාමී සේවාවක් සිදුකරන්න.” යනුවෙන් සඳහන් කර සිටියා.

කැමති නම් වැඩ කරන්නම් නැත්නම් ගෙදර යන්නම් ඒ දෙකටම මං ලෑස්තියි

කැමති නම් වැඩ කරන්නම් නැත්නම් ගෙදර යන්නම් ඒ දෙකටම මං ලෑස්තියි.https://youtu.be/oQmsx4jOz0o

Posted by Newshub.lk on Monday, July 22, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here