Home World භූතයෙක්ගෙන් දික්කසාදය ඉල්ලන අරුම පුදුම කතක් – VIDEO

භූතයෙක්ගෙන් දික්කසාදය ඉල්ලන අරුම පුදුම කතක් – VIDEO

253
0

කාන්තාවක් වයස අවුරුදු 300ක මුහුදු මංකොල්ලකාරයෙකුගේ භූත ආත්මයක් විවාහ කරගත් පුවතක් එක්සත් රාජධානියේ උතුරුදිග දිවයිනෙන් වාර්තා වනවා.

මෙම සම්බන්ධතාවය එම කාන්තාවගේ සිතතුළ පමණක් පවතින දෙයක් විය හැකි වුවද, අමන්දා ටීග් නම් මෙම කාන්තාව ඇගේ මෙම අසාමාන්‍ය විවාහය නීත්‍යානුකූල කිරීමට දැඩි උත්සාහයක් දරා තිබෙනවා.

2016 දී ඇය සිය විවාහ මංගල්‍යය “ජැක්” නම් මුහුදු කොල්ලකාර භූතයා සමඟ පැවැත්වූ අතර එය නීත්‍යානුකූල බැඳීමක් ලෙස පිළිගැනීමට ලක්වුණා.

කෙසේ වෙතත්, මේ වනවිට මධුසමය අවසන් වී ඇති බව පෙනේ.

මන්දයත් ඇය දැන් දික්කසාද වීමට උත්සාහ දරන්නේ, මෙම භූත ආත්මය ඇයව යම් ආකාරයක බලශක්ති ප්‍රභවයක් ලෙස පාවිච්චි කර ඇති බවට චෝදනා කරමිනි.

ඒ අනුව ඇය මෙම භූතාත්මය පලවා හැරීමට උත්සාහ කළ අතර ඉන් කෝපයට පත් භූතයා ඇයව මරා දැමීමට උත්සාහ කළ බව ද ඇය පවසයි.

දිස් මෝර්නින් නම් රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ 2010 දී ඇගේ පුත්‍රයා මියගිය පසු ඇය ආධ්‍යාත්මික වශයෙන් යම් ප්‍රගතියක් අත්කරගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස භූතයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව ඇයට ලැබුණු බවත්ය.

2015 දී ජැක් නම් මෙම භූතයා ඇය හමුවට පැමිණි බවත් ඒ අනුව හටගත් මිත්‍රත්වය මාස කිහිපයකින් අනුරාගී බැඳීමක් දක්වා දුරදිග ගිය බවත් ඇය සඳහන් කරයි.

ඒ අනුව ඇය ජැක්ව විවාහ කරගත්තේ එය සොඳුරු බැඳීමක් වනු ඇති බව සිතාය.

නමුත් විවාහයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් ඇය ක්‍රමයෙන් දුර්වල වන බවත්, ශරීර ශක්තිය පිරිහෙන බවත් දැනෙන්නට පටන්ගෙන ඇත.

2018 වනවිට ඇයට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වූ අතර ඒ අනුව භූතාත්ම සමඟ සන්නිවේදනය කිරීම නවතා දැමීමට ඇය තීරණය කරන ලදී.

ඇය පවසන්නේ විවාහය පිලිබඳ පසුතැවීමක් තිබුණ ද එයින් ලද අත්දැකීම් තුලින් තමාට වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු වීමට හැකි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here