Home Hit වියදම් කපන්න රාජ්‍ය ආයතන වලට නියෝගයක්

වියදම් කපන්න රාජ්‍ය ආයතන වලට නියෝගයක්

271
0

සියලු රාජ්‍ය ආයතන වල වියදම් සීමා කරන ලෙස මුදල් අමාත්‍යාංශය චක‍්‍රලේඛයක් මගින් සියලූ රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙතයි මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ.

ඉන්ධන, දුරකථන, ගමන් වියදම් සම්බන්ධව වියදම් ගෙවීමේදී වරින් වර නිකුත් කර ඇති චක‍්‍රලේඛ අනුගමනය කරන ලෙස ද ඊට පරිබාහිරව කිසිදු වියදමක් නොකළ යුතු බව ද එහි සඳහන් කර තිබෙනවා.

අනවශ්‍ය විදුලිය වැයවීම් නවත්වා විදුලිය සඳහා වන වැයෙන් 05%ක ඉතිරියක් කළ යුතු බවත් එමෙන්ම අතිකාල ගෙවීමේදී වරින් වර නිකුත් කළ චක‍්‍රලේඛ පිළිපැදිය යුතු බවත් එහි සඳහන් කර තිබෙනවා.

ලිපිද්‍රව්‍ය අනවශ්‍ය තොග ඇතිකර නොගෙන අවශ්‍ය ප‍්‍රමාණයට යොදාගැනීමත් ඉදිරි වර්ෂයට ලිත් කැලැන්ඩර්, දිනපොත් මුද්‍රණයට රජයේ අරමුදල් යොදා නොගන්නා ලෙසත් දේශීය අරමුදල් යොදාගෙන කරන විදේශ සංචාර, අධ්‍යයන චාරිකා අවම කරන ලෙසත් අත්‍යවශ්‍ය නොවන විදෙස් සම්මන්ත‍්‍රණ, වැඩමුළු හා දේශනවලට සහභාගි වීම සිදුනොකරන ලෙසටත් එම චක‍්‍රලේඛය මගින් උපදෙස් දී ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here