Home Local වවුනියාවේ දුම්රිය මාර්ගය තිබි මළ සිරුරක් සොයාගනියි – PHOTOS

වවුනියාවේ දුම්රිය මාර්ගය තිබි මළ සිරුරක් සොයාගනියි – PHOTOS

382
0

වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේ දුම්රිය මාර්ග අසළ තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (22) උදැසන සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේම පදිංචි මධුෂාන් ‍ජයවීර නමැති 26 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ පාදයේ තුවාල තිබෙන බවත් අදාළ මරණය දුම්රියේ ගැටීමෙන් සිදුව ඇතිද, නැතිනම් වෙනත් හේතුවක් මත සිදුව ඇතිද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කර සිටිනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here