Home Local රත්ගම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නියමිත බව රහස් පොලිසිය...

රත්ගම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙයි

213
0

රත්ගම ද්විත්ව ඝාතන නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (22) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට සිටින බව කියා සිටියේය.

එම සැකකරු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනා පදිංචි ගමේ පුද්ගලයෙකු බවත් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරසිටින සැකකරුවන් දාහත් දෙනාගෙන් පහළොස් දෙදෙනකු මහාධිකරණයට ඇප අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේය.

රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් නිලධාරීන් සහ වනජිවි ජිවි නිලධානින් දෙදෙනා ඇතුළු සැකකරුවෝ දාහත් දෙනා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිති.

සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දාහත් දෙනා අගෝස්තු 5 වනදින දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට නියෝග කලේය

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here