Home Local ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පිරීස් දිවියෙන් සමුගනියි

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පිරීස් දිවියෙන් සමුගනියි

415
0

ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක මෙන් ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව පසුවූ ඇය, නිවසේ සිට රෝහලක් කරා රැගෙන යමින් සිටියදී ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූ බව වාර්තා වනවා.

ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, අසුරු සැණින් එක මොහොතකදී, සිතුවිලි සිරවී හදවත පතුලේ මෙන්ම ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ආදී ගීත රැසක් ඇය විසින් රචනා කර ඇති ගීත අතර වනවා.

ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ඇය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය.

අභවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදුකරන බවයි පවුලේ ඥාතීහු ප‍්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here