Home Hit මුහුදු ප‍්‍රදේශ තවදුරටත් රළුයි – ළඟම ඇති ධීවර වරායට පැමිණෙන්නැයි ධීවරයින්ට දැනුම්...

මුහුදු ප‍්‍රදේශ තවදුරටත් රළුයි – ළඟම ඇති ධීවර වරායට පැමිණෙන්නැයි ධීවරයින්ට දැනුම් දෙයි

230
0

අද (19) දිනයේත් මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කයන්හි ඇතැම් ස්ථාන වලත් මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

වයඹ පළාතේ සහ කොළඹ මෙන්ම ගම්පහ දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කර සිටියේ.

මුහුදු ප‍්‍රදේශ කිහිපයක් ද තවදුරටත් රළු විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර මුහුදු ගොස් සිටින ධීවරයන්ට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වහාම ළඟම ඇති ධීවර වරායට පැමිණෙන ලෙස ද නාවික හමුදාව විසින් දැනුම් දී තිබෙනවා.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මේ වන විට ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර ඇති බව ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here