Home Hit ICCය සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවයි

ICCය සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවයි

305
0

සිම්බාබ්වේහි ක‍්‍රිකට් තහනම් කිරීමට ජගත් ක‍්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ලන්ඩන් හි පැවැති ICC වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගත් බවයි ජගත් ක‍්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ක‍්‍රිකට් ආයතනය තුළ නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිළවරණයක් පැවැත්වීමට අසමත් වීම සහ ක‍්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරිියේ දි ජගත් ක‍්‍රිකට් කවුන්සලයේ ආධාර සිම්බාබ්වේ වෙත හිමි නොවනු ඇති.

එමෙන්ම ICCය සංවිධාන කරන කිසිදු තරගාවලියකට එක්වීමේ අවස්ථාව ද ඔවුන්ට අහිමි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here