Home Local බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ රියැදුරන්ගේ නේවාසිකාගාරයේ සිවිලිම කඩාවැටෙයි – PHOTOS

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ රියැදුරන්ගේ නේවාසිකාගාරයේ සිවිලිම කඩාවැටෙයි – PHOTOS

625
0

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙහි දුම්රිය රියැදුරන්ගේ නේවාසිකාගාරයේ කාමරවල සිවිලිම අද (19) උදෑසන හදිසියේ කඩා වැටීම නිසා එම සේවකයින්ට නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති වීමෙන් ඔවුහු අසීරුතාවට පත්ව සිටිනවා.

දුම්රිය රියැදුරන්ගේ නේවාසිකාගාරයේ කාමර 02කට මෙලෙස හානි සිදුව තිබෙනවා.

දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලේ ඉහළ සවිකර ඇති ජල ටැංකියක ජලය පිටාර ගැලීමත් සමඟ දෙවැනි මහළේ පිහිටි කාමරවලට ජලය ගලා ඒම නිසා මෙලෙස සිවිලිම ගැලවී වැටී ඇතැයි සේවකයින් පවසනවා.

රියැදුරන්ගේ නේවාසිකාගාරයේ එක් කාමරයක සිවිලිම ස්ථාන 02කින් විශාල ප්‍රමාණයක් කැඩී ගැලවී තිබූ අතර තවත් කාමරයක විදුලි පංකාව සහ සිවිලිමේ සවිකර ඇති විදුලි උපකරණවලින් ජලය ගලා විත් ඇති අතර රියැදුරන් කාමරවලින් පිටව ගොස් සිටි අවස්ථාවේදී සිවිලිම ගැලවී වැටී තිබීම නිසා කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව නැහැ.

ඉදිකිරීම් දෝෂයක් හේතුවෙන් මෙලෙස රියැදුරන්ගේ නේවාසිකාගාරයේ සිවිලිම කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටිනවා.


අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here