Home Hit අගෝස්තු පහ එළිදකින එජාපයේ නව සන්ධානය

අගෝස්තු පහ එළිදකින එජාපයේ නව සන්ධානය

360
0

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ පදනම් වූ නව සන්ධානයක් සඳහා ලබන අගෝස්තු පස්වෙනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ඉඩ ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

නව සන්ධානයේ සලකුණ ද එදින ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ අද(19) පස්වරුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී ජයගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් රෑ වළේ වැටුනට දවල් වළේ වැටෙන්නේ නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

රටේ දැවැන්ත ඇති පක්ෂය බෙදීමට ලක් කර විනශ කිරීමට උත්සහ නොකරන ලෙස එක්සත් ජාකිත පක්ෂය තුළ කල්ලි බෙදාගෙන සිටින පුද්ගලයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here