Home Environment දරුණු නියඟය හේතුවෙන් විල්පත්තුවේ සිවුපාවුන් දැඩි පීඩාවට – PHOTOS

දරුණු නියඟය හේතුවෙන් විල්පත්තුවේ සිවුපාවුන් දැඩි පීඩාවට – PHOTOS

448
0

දැඩි නියඟය හේතුවෙන් පුත්තලම, අනුරාධපුර, මන්නාරම යන දිස්ත්‍රික්කයන් මධ්‍යයේ පිහිටා ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන සිවුපාවුන් පීඩාවට පත්ව සිටිනවා.

හෙක්ටයාර් එක්ලක්ෂ තිස්තුන් දහස් හයසිය හතක භූමි වපසරියකින් යුක්ත වූ මෙම ජාතික වනෝද්‍යානය පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත විශාලතම ජාතික වනෝද්‍යානයක් වන අතර මෙහි අලි, කොටි, වළසුන්, උරගයින්, උභය ජීවින් ඇතුළු බහුතරයක් වන සතුන් සිය වාසභූමිය බවට පත් කරගෙන තිබීම සුවිශේෂීත්වයක්.

මෙය විශාල ප්‍රමාණයේ විල්ලු රාශියකින් සම්පූර්ණ වී තිබීම නිසාවෙන් සතුන්ගේ දිය පහසුව ඉන් පහසුවෙන් සිදුවුව ද මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියං තත්ත්වය හේතුවෙන් මේ වන විට එහි විල්ලු රැසක ජලය සිදි වියළි ඉරිතැලී ගොස් තිබෙනවා.

විල්ලු අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා විල්ලු වන මයිලවිල්ලුව, මයිලනාගවිල්ලුව, පෙරිය විල්ලුව, පෙරිය උප්පු විල්ලුව, සින්න උප්පු විල්ලුව යන විල්ලු සමූහය සම්පූර්ණයෙන් සිදී ගොස් තිබෙනවා.

එම නිසාවෙන් මේ වන විට වන ජිවි දෙපාර්ත්තුමේන්තුව මේ දින වල කෘතිම දිය වළවල් ඉදිකර දෛනිකව ඒ සදහා බවුසර් රථ මගින් ජලය සැපයීම සිදුකල ද සතුන්ට ප්‍රමාණවත් ජලයක් නොලැබීම හේතුවෙන් සතුන් බහුතරයක් ජාතික වනෝද්‍යානයේ වෙනත් ස්ථාන කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

දරුණු නියං තත්ත්වය හේතුවෙන් වන අලියන් රංචු වශයෙන් රාත්‍රි කාලයේදී දිය සොයා ගම්බිම් වෙත ඇදී ඒමේ ප්‍රවණතාවයක් දක්නට ඇති අතර එසේ ගම්බිම් වෙත පැමිණෙන වන අලියන් භව බෝගවලට ද විශාල වශයෙන් අලාභ හානි සිදුකර උදෑසන කාලයේදී නැවතත් ජාතික වනෝද්‍යානය බලා පිටත්ව යාමට ඔවුන් හුරුව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here