Home Hit ලක්ෂපානේ වාන් දොරටු 02ක් විවෘත කරයි – කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට අවවාදාත්මක...

ලක්ෂපානේ වාන් දොරටු 02ක් විවෘත කරයි – කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

479
0

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරුවරයා විසින් දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුම් දෙනු ලැබුවේ.

එසේම විනෝද චාරිකා වල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නෑමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here