Home Hit එළඹෙන පාස්කු කාරක සභාව මාධ්‍යයට විවෘත නොකිරීමේ තීරණයක්

එළඹෙන පාස්කු කාරක සභාව මාධ්‍යයට විවෘත නොකිරීමේ තීරණයක්

231
0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි සඳහන් කර සිටියා.

ලබන 24 වනදා පැවැත්වෙන කාරක සභාවේ මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාවට බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන් 05 දෙනෙකු කැඳවා තිබීම හේතුවෙන් කාරක සභාවේ සාමාජිකයන් එක්ව මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ.

ඒ අනුව එදිනට සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණෙන කිසිදු නිලධාරියෙකු ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට මාධ්‍යවලට ඉඩ ලබා නොදෙන බවයි සඳහන් වන්නේ.

එසේම බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වියහැකි යැයි විවිධ පාර්ශ්ව පෙන්වාදී තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කර සිටියා.

මේ දක්වා සාර්ථකව සාක්‍ෂි විමසීම් සිදුකළ කාර්ක සභාවට අනවශ්‍ය චෝදනාවකට ලක්වීමට හෝ එහි කටයුතු සම්බන්ධව සමාජය තුළ අවිශ්වාසයක් ඇති වීමට ඉඩදිය නොහැකි බවත් පැවසූ සභාපතිවරයා, එළැඹෙන 24 වනදායින් පසුව තවත් කිහිප දෙනෙකුගෙන් සාක්‍ෂි ලබාගෙන විශේෂ කාරක සභාවේ කටයුතු අවසන් කරන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here