Home Hit මානසික පීඩනය නිසා Instagramහි Likes පෙන්වීම නවතයි

මානසික පීඩනය නිසා Instagramහි Likes පෙන්වීම නවතයි

406
0

Facebook සමාගම සතු ලෝ ප්‍රකට Instagram සමාජ ජාලයේ පළකරන Posts සඳහා ලැබෙන Likes ප්‍රමාණය නොඑසේනම් කැමැත්ත පළකිරීම් සංඛ්‍යාව එම පළ කිරීම නරඹන්නන්ට මින් ඉදිරියට ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කර තිඛෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, ජපානය ඇතුලු රටවල් කිහිපයක අද සිට මූලික අදියර යටතේ එය ක්‍රියාත්මක කළ බව Facebook සමාගම නිවේදනය කොට තිබෙනවා.

එබැවින් අදාළ රටවල Instagram භාවිත කරන්නන්ට මින් ඉදිරියට වෙනත් අයෙකු පළ කළ Post එකකට ලැබී ඇති Likes සංඛ්‍යාව දැක ගත නොහැකි වන අතර එය දර්ශනය වන්නේ අදාළ පළකිරීම පළකල තැනැත්තාට පමණයි.

සමාජ මාධ්‍ය හමුවේ බොහෝ පිරිසකට දැඩි මානසික පීඩනයක් එල්ලවන බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතරබොහෝ සමාජ මාධ්‍ය වල සිදුකෙරෙන මුල්‍යමය ගෙවීම් සඳහා Likes සංඛ්‍යාව පාදක වීම ඊට මූලික හේතුවක් ලෙස සඳහන්.

එලෙස ඇතැම් පාර්ශව Likes මත පදනම්ව සමාජ මාධ්‍ය තුළ කටයුතු කිරීම හේතුවෙන් ඇතිව ඇති පීඩනය අඩු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව නිවේදනය කොට ඇති අතර ඉදිරියේදී Facebook සමාජ ජාලය සඳහාද මෙය හඳුන්වා දෙනු ඇති බවට ද මත පල වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here