Home Local යාපනයේ නව ආඥාපති ධුරයට මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය

යාපනයේ නව ආඥාපති ධුරයට මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය

447
0

යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පසුගිය (15) වනදා යාපනය පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

යාපනය නව ආඥාපතිවරයා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ 16) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන රාඝවන් ද හමුවුණා.

යාපනය ප්‍රදේශය ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක තත්වය හා යාපනය ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කළ බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් සඳහන් කළේ.

මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මීට පෙර යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර, අවසන් සමයේ මුලතිව් 59 සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලැබුවා.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනලර දර්ශන හෙට්ටිආරච්චි රාජකාරි අවශ්‍යතා මත ආරක්ෂක අමාත්‍යාංශය වෙත ස්ථාන මාරුවීම් ලබා යාමෙන් පුරප්පාඩු වු යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුර වෙනුවෙන් රුවන් වනිගසූරිය පත්කොට තිබෙනවා.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුර හෙඹ වු ‍බොහෝ යුධ හමුදා නිළධාරීන් පිරිසක් පසුගිය සමයේ යුධ හමුදාපති තනතුර වෙනුවෙන් පත්වුණා.

Image result for ruwan wanigasooriya

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here