Home Business චීන රජයෙන් හම්බන්තොටට ඉන්ධන සමාගමක්

චීන රජයෙන් හම්බන්තොටට ඉන්ධන සමාගමක්

454
0

චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ෆුවෙල් ඔයිල් ශ්‍රී ලංකා සමාගම ලෙස අදාළ සමාගම නම් කර ඇති අතර එය හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

චීන මාධ්‍ය රැසක් වාර්තා කර ඇති ආකාරයට චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය ශ්‍රී ලංකාව තුළ මෙලෙස ඉන්ධන සමාගමක් පිහිටුවීමේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ, සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ප්‍රධාන නැව් මාර්ගයේ නෞකාවලට ඉන්ධන සැපයීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

2020 වන විට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවක් සහිත මෙම සමාගම විදුලි බලාගාර සඳහා භාවිත කරන ඉන්ධන ද සැපයීම අපේක්ෂා කරන බව චීන මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.

සේද මාවත ආසන්නයේ පිහිටි වටිනාම රටක් වන ශ්‍රී ලංකාවට චීනය විසින් සිදුකරන නවතම ආයෝජනය මෙය ලෙස සැලකිය හැකියි.

හම්බන්තොට වරාය හා අයෝජන කලාපයේ දැනට ආයෝජනය කර ඇති සමාගම් වන්නේ ද චයිනා මර්චන්ට් පෝර්ට් හෝලිඩින්ස්, චයිනා හාබර් ඉංජිනියරින් සහ තවත් චීන සමාගම් කිහිපයකි.

අමෙරිකාව, ත්‍රිකුණාමලය හා කොළඹ යා කරමින් ආර්ථික තීරුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ ද මෙවන් පසුබිමකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here