Home Local රූමස්සල දී සෙල්ෆි ගන්න ගිය සිව් දෙනෙකු මුහුදට වැටෙයි – දෙදෙනෙකු අතුරුදන්

රූමස්සල දී සෙල්ෆි ගන්න ගිය සිව් දෙනෙකු මුහුදට වැටෙයි – දෙදෙනෙකු අතුරුදන්

322
0

උණවටුන, රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැගී සෙල්ෆි ජායාරූප ගනිමින් සිටි තරුණයින් සිව් දෙනෙකු ඊයේ (16) මුහුදට වැටීමෙන් ඉන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි රූමස්සල පොලීසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බද්දේගම, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නිලංග මලිත් (20) හා රවිඳු ප්‍රසාද් (19) නැමැත්තායි.

මුහුදට වැටී ගාසගෙන යමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු ගල් පර්වතයක එල්ලී දිවි බේරාගෙන ඇති අතර, සෙසු තරුණයින් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

අදාළ තරුණයින් පිරිස රූමස්සල පැමිණ අදාළ ගල් පර්වතය මතට නැග ජායාරූප ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් අදාළ ස්ථානය දිය නෑම සිදුනොකරන ස්ථානයක් බවත් පොලීසිය පවසනවා.

අතුරුදන් තරුණයින් දෙදෙනා සොයා හදිසි මෙහෙයුම් දියත් කළ ද ඊයේ සවස් වන තුරු කිසිදු තොරතුරක් ලැබී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here