Home Hit ඒරියා 51 වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඉල්ලා අත්සන් මිලියන 1.3ක් යෙදූ අන්තර්ජාල...

ඒරියා 51 වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඉල්ලා අත්සන් මිලියන 1.3ක් යෙදූ අන්තර්ජාල පෙත්සමක්

856
0

ඉතාමත් රහසිගත ප්‍රදේශයක් වන අමෙරිකාවේ ඒරියා 51 වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඉල්ලා අත්සන් මිලියන 1.3ක් අත්සන් යෙදූ අන්තර්ජාල පෙත්සමක් සකස් කර තිබේ.

එරියා 51(FIFTY ONE) ලොව වඩාත්ම රහසිගත ස්ථානය ලෙසින් නම් කර තිබේ.

අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් දුරින් පිහිටි සැතපුම් 6ක් පළලින් හා සැතපුම් 10ක් දිගින් යුත් මේ බිම්කඩ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බිම් ප්‍රදේශයක්.

සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුත් මේ බිම්කඩ කෙතරම් ආරක්ෂිතද යත් එහි ගුවන් කලාපය පවා කිසිදු යානාවකට ගමන් කිරීමට නොහැකි වන පරිදි වාරණය වෙයි.

කෙසේ නමුත් තමන්ට ඒරියා 51 වෙත ඇතුලුවීමට අවකාශ ලබාදෙන ලෙසින් ඉල්ලමින් ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සිදුකෙරුණු ඡන්ද විමසීමක් පිළිබද ලොව පුරා කාගේත් අවධානය යොමුව තිබේ.

ස්ටෝම් ඒරියා 51- දේ කාන්ට් ස්ටොප් ඕල් ඔෆ් අස් (Storm Area 51,They Can’t Stop All of Us) යනුවෙන් මෙම ෆේස්බුක් Event එකක් නම්කර තිබේ.

අදාළ ෆේස්බුක් Event එක දැනටමත් ජනප්‍රිය වී ඇති අතර ඒරියා 51 නැරඹීමට කැමත්ත පළකරමින් මිලියන 1.3ක ජනතාව එහි අත්සන් තබා ඇති බවයි වාර්තා වෙයි.

අපි එහි යමු. පිටසක්වල වැසියන් සිටින ඒරියා 51 සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කරමු යනුවෙන් මෙම ෆේස්බුක් Event හි වැඩිදුරටත් සදහන්.

ඒරියා 51 සංකීර්ණයට කිසිවෙකුටත් ඇතුල්වීමට ඉඩ ලබානොදීමට අමෙරිකානු ආරක්ෂක අංශ කැපවී කටයුතු කරයි.

පිටසක්වල ජීවීන් පවා සිටින බවට සැකකරන මෙම කලාපය 1947 වසරේදී සිදුවූවේ යැයි සැකකරන හදුනානොගත් පියාසර යානාවක් හෙවත් UFO යානාවක් කඩා වැටුණු ප්‍රදේශයක් ලෙසින් ප්‍රකටයි.

රෝස්වෙල් නමින් සදහන් අදාළ භූමියේ පිටසක්වල ජීවීන් ආශ්‍රිතව පර්යේෂණ සිදුකෙරෙන බවට පැවසෙයි.

ඒරියා 51 සම්බන්ධයෙන් මෙවැනි මත රැසක් ඇතත් එහි ඇති සංකීර්ණය තුළ සිදුවන්නේ කුමක්දැයි අදටත් ලොවට රහසක්.

එහෙත් එම සැක දුරු කිරීමට කිසිදු උත්සාහයක් හෝ නොගැනීමට අමෙරිකාව කටයුතු කර තිබීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here